01 July 2025

logo

රජය අයවැය පොරොන්දුවක් ඉටු කරයි



ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා යෝජිත විශේෂ පොලී යෝජනා ක්‍රමය අද (01) සිට බලපැත්වෙන බව මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. 

2025 අයවැය යෝජනා යටතේ අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද මෙම ණය යෝජනා ක්‍රමය සඳහා සුදුසුකම් ලබන්නේ අවුරුදු 60ට වැඩි පුද්ගලයන්.

මෙම යෝජනා ක්‍රමය යටතේ ස්ථාවර තැන්පතු 2025 ජූලි 1වනදා සිට 2025 දෙසැම්බර් 31වනදා දක්වා කාලය තුළ විවෘත කළ හැකි අතර එවැනි සියලුම තැන්පතු සඳහා මාස 12ක ස්ථාවර තැන්පතු කාලයක් තිබිය යුතුයි. 

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ මූල්‍ය ස්ථාවරය සහතික කිරීම සඳහා රුපියල් මිලියනයක වසරක ස්ථාවර තැන්පතු සඳහා වෙළඳපොළේ පවතින පොලී අනුපාතිකයට වඩා 3%ක වාර්ෂික පොලී අනුපාතයක් ලබාදීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා පවසා තිබුණා. 

(colombotimes.lk)