02 June 2025


පළාත් පාලන ආයතන ධූර කාලය ආරම්භ කිරීම ගැන විශේෂ නිවේදනයක්



පළාත් පාලන ආයතන ඡන්ද විමසීම අවසන්ව ප්‍රතිඵල නිකුත් කිරීමෙන් පසු එක් එක් පක්ෂය එම පක්ෂයට අදාළ වූ කාන්තා සභිකයන් ඇතුළුව තෝරා එවිය යුතු සභිකයන් මැතිවරණ කොමිෂන් සභාව වෙත ඡන්ද විමසීම අවසන් වූ විගස දැනුම්දිය යුතු වුවත් මෙතෙක් තෝරා එවිය යුතු නියමිත සභික සංඛ්‍යාව නම් කර ඒවා නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

එම කොමිසම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් නිකුත් කළ ගැසට් නිවේදනය අනුව 2025.06.02වනදා සිට පළාත් පාලන ආයතනවල ධූර කාලය ආරම්භ විය යුතු බවට නියම කර ඇති බවයි.

ඒ අනුව එක් එක් පක්ෂය සහ කණ්ඩායම විසින් තෝරා එවිය යුතුව ඇති සියලුම සහිකයන්ගේ නම් 2025.05.30 දින මධ්‍යම රාත්‍රී 12.00ට පෙර අදාළ පළාත් පාලන ආයතනයේ තේරීම්භාර නිලධාරී වෙත නම් කර යැවිය යුතු බව එම නිවේදනය මඟින් දැනුම්දී තිබෙනවා.


 
(colombotimes.lk)