19 April 2025


IMF ණය වැඩසටහනේ සිව්වන සමාලෝචනයට අදාළ විශේෂ සාකච්ඡාක්



ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් අතර හමුවක් අද (07) ජනාධිපති කාර්යාලයේදී සිදු වී තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ශ්‍රී ලංකා රජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර එළැඹ ඇති විස්තීරණ ණය පහසුකම් වැඩසටහනේ සිව්වන සමාලෝචනයට අදාළ මූලික සාකච්ඡාවක් මෙහිදී පැවැත්වූ බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වැඩසටහනේදී ශ්‍රී ලංකාව දැනට ලබා ඇති ප්‍රගතිය සහ ඉදිරි මූල්‍ය අරමුණු ළගා කර ගැනීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙනුවෙන් ආසියා සහ පැසිපික් කලාපයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ Sanjaya Panth, ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානීන් වන Peter Breuer, Evan Papageorgiou ඇතුළු නියෝජිත කණ්ඩායමක් එම සාකච්ඡාව සඳහා එක්ව සිටියා.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ සූරියප්පෙරුම, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන ඒ සඳහා එක්වූ බවයි.

(colombotimes.lk)