29 March 2025


දහම් පාසල් ගුරුවරුන්ට විශේෂ දැනුම්දීමක්



2025 දහම් පාසල් ගුරු විභාගයේ අයඳුම්පත් භාරගන්නා අවසන් දිනය මාර්තු 31දක්වා දීර්ඝ කර තිබෙන බව බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ අයඳුම්පත හා තොරතුරු https://forms.office.com/r/DMfuCsHLWx වෙත පිවිස ලබාගත හැකි බවයි.

දහම් පාසල්වල ඉගැන්වීම් කටයුතු කරන දහම් ගුරු භවතුන්ගේ අධ්‍යාපන තත්ත්වය නංවාලීමට හා උසස් අධ්‍යාපන වරම් හිමිකරදීමට දහම් පාසල් ගුරු විභාගය වාර්ෂිකව ක්‍රියාත්මක වනවා.

(colombotimes.lk)