07 June 2025


මුහුදුබඩ මාර්ගයේ දුම්රිය සංඥා පද්ධතිවල විශේෂ පරීක්ෂාවක්



මුහුදුබඩ මාර්ගයේ කොළඹ කොටුවේ සිට කළුතර දක්වා වන දුම්රිය සංඥා පද්ධතිය අද (07) සහ හෙට (08) විශේෂ පරීක්ෂාවකට ලක් කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. 

එහි සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර සඳහන් කළේ පානදුර සිට මොරටුව දක්වා කොටස පරීක්ෂා කළ බවයි.

එමෙන්ම එය ආරක්ෂිත බවට දුම්රිය සංඥා නිලධාරීන් සහතිකයක්ද ලබාදී තිබෙනවා. 

මුහුදුබඩ මාර්ගයේ සංඥා පද්ධතිය පිළිබඳ ගැටලුවක් මතු වුණේ පෙරේදා දිනයේ මොරටුව මෝදර ප්‍රදේශයේ දුම්රිය පීල්ලක් කැඩීයාම හේතුවෙන් සාගරිකා දුම්රිය එම ස්ථානයේ නතර කිරීමත් සමඟයි. 

දුම්රිය නතර කිරීමත් සමඟ දුම්රිය මාර්ගය තාවකාලිකව වසා දැමීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කළා. 

(colombotimes.lk)