02 July 2025

logo

ඉරානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට විශේෂ දැනුම්දීමක්



ඉරානය තුළ වර්තමානයේ පවතින ගැටුම්කාරී තත්ත්වය සැලකිල්ලට ගනිමින් ටෙහෙරානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තාවකාලිකව වෙනත් ස්ථානයක ස්ථානගත කොට ඇති බව ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. 
 
නව ලිපිනිය - අමිනි විලා, කොහෙස්තාන් උප වීදිය, ඉමාම කොමෙනි වීදිය, ඕව්ලොම්, මසාල්, රාෂ්ට්

දුරකථන අංක : +98 939 205 5161/+98 991 205 7522/+98 936 636 0260 
 
විද්‍යුත් තැපැල් ලිපිනය : slembiran@yahoo.com
 
එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ ඉරානයෙන් පිටවීමට අපේක්ෂා කරන හෝ සහාය අවැසි ඕනෑම ශ්‍රී ලාංකිකයෙක්ට ඉහත දැක්වෙන තොරතුරු මඟින් තානාපති කාර්යාලය හා සම්බන්ධ වන ලෙසයි.

(colombotimes.lk)