19 April 2025


ශිෂ්‍යත්ව විභාගය සමත් දරුවන්ට විශේෂ දැනුම්දීමක්



2024 වර්ෂයේ 05 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත පදනම්ව 6 ශ්‍රේණිය සඳහා අයදුම්පත් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ සිදු කළ හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

එම අමාත්‍යාංශය සඳහන් කළේ අදාළ අයදුම්පත් අද (09) සිට අප්‍රේල් 30 දක්වා http://g6application.moe.gov.lk   ඔස්සේ යොමු කිරීමට හැකියාව පවතින බවයි.  

උපරිම පාසල් 3ක් සඳහා අභියාචනා යොමු කිරීමේ හැකියාව පවතින බව අධ්‍යාපන අමාත්‍යාංශ සඳහන් කළා.

අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ අදාළ උපදෙස් මාලාව අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වන www.moe.gov.lk වෙත පිවිස ලබා ගැනීමටද හැකියාව පවතින බවයි.



(colombotimes.lk)