ඉහළ කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඉහළ කොත්මලේ ජලාශයේ ඊයේ (31) විවෘත කළ වාන් දොරටුව අද (01) දිනයේත් විවෘත කර තිබෙනවා.
ජලාශභාර ඉංජිනේරුවරුන් දැනුම් දුන්නේ තවදුරටත් වැසි ලැබුණහොත් එම ජලාශයේ සෙසු වාන් දොරටු ස්වයංක්‍රීයව විවෘත වන නිසා ජලාශ වේල්ලට පහලින් කොත්මලඔය දෙපස පදිංචිකරුවන් සැලකිලිමත්ව සිටින ලෙසයි.