16 April 2025


බස් රථ ධාවනය ගැන විශේෂ දැනුම්දීමක්



මගී ජනතාවගේ අවශ්‍යතාවය අනුව අද (15) සිට බස් රථ ධාවනයට එක් කිරීමට කටයුතු කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා.

එහි ධාවන හා සේවා අධීක්ෂණ අධ්‍යක්ෂ ශෙරීන් අතුකෝරල සඳහන් කළේ සාමාන්‍ය කාල සටහන යටතේ අද සහ හෙට බස් රථ ධාවනය කිරීමට සැලසුම් කර ඇති බවයි.

එමෙන්ම අනිද්දා සිට ගම්බිම් බලා ගිය මගී ජනතාව වෙනුවෙන් විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවද ඇය සඳහන් කළා.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ අද සාමාන්‍ය කාර්යාල දිනයක් බැවින් කාර්යාල දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදු කිරීමට සැලසුම් කර ඇති බවයි.

මගී අවශ්‍යතාව මත අදාළ දුම්රියන් ධාවනය සඳහා එක්කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර සඳහන් කළා.

(colombotimes.lk)