ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් දුම්රිය රියදුරන් අද (29) මධ්‍යම රාත්‍රියේ සිට සංකේත වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර තිබෙනවා.
ලෝකොමෝටිව් ඔපරේටින් ඉංජිනියර්ස් සංගමයේ ප්‍රධාන ලේකම් චන්දන වියන්දූව සඳහන් කළේ අද මධ්‍යම රාත්‍රියේ සිට පැය 48ක කාලයක් මෙම වැඩවර්ජනයේ නිරත වීමට සැලසුම් කර ඇති බවයි.
සිය ගැටලු සම්බන්ධයෙන් අවස්ථා ගණනාවකදී බලධාරීන් දැනුවත් කළ ද මෙතෙක් ඊට කිසිදු ස්ථීර විසඳුමක් ලබාදී නොමැති බව දුම්රිය රියදුරන් පවසනවා.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සමඟ ද ඊයේ (28) මෙම ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කළද එහිදී ද පිළිගත හැකි විසඳුමකට පැමිණීමට නොහැකි වූ බවයි.
(colombotimes.lk)