කම්කරු දිනය හේතුවෙන් දේශපාලන පක්ෂ සහ සංවිධාන විසින් කොළඹ නගරය ඇතුළු දිවයිනේ ප්‍රදේශ රැසක මැයි දින පෙළපාලි මෙන්ම රැස්වීම් සංවිධානය කර තිබෙන බව පොලීසිය පවසනවා.
බස්නාහිර පළාත් රථ වාහන අංශය භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී. ජේ. සේනාධීර සඳහන් කළේ එම මැයි දින සැමරුම් ආවරණය වන පරිදි විශේෂ පොලිස් ආරක්ෂාවක් යෙදවීමට පියවර ගෙන තිබෙන බවයි.
(colombotimes.lk)
