15 November 2025

logo

උසස් පෙළ විභාගය වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාවන්



උසස් පෙළ විභාගය වෙනුවෙන් වි‍ශේෂ ප්‍රවාහන සේවා ආරම්භ කර තිබෙනවා.
 
ලංකා ගමනා ගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ධාවන) ටී.එච්.ආර්.ටී. චන්ද්‍රසිරි සඳහන් කළේ අද (10) සිට විභාගය අවසන් වන තුරු  උසස් පෙළ විභාගය වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මක බවයි.

එමෙන්ම නියමිත කාලසටහන්වලට අනුකූලව අද (10) දිනයේ දුම්රිය ගමන්වාර ක්‍රියාත්මක බවද දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළා. 

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ කිසිදු ප්‍රමාදයකින් හෝ අවලංගු කිරීමකින් තොරව දුම්රිය ධාවනය සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බවයි.

(colombotimes.lk)