12 April 2025


GMOA වර්ජනය අත්හිටුවයි



හෙට පැවැත්වීමට සැලසුම් කර තිබූ වෛද්‍ය වර්ජනය අත්හිට වූ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළා.
 
ඒ රුපියල් 35,000 ක ජනවාරි දීමනාව අත්හිටුවීමට ගත් තීරණය ආපසු කැඳවීම හේතුවෙන්.
 
ඒ අනුව වෛද්‍යවරුන්ගේ 35,000 දීමනාව ජනවාරි වැටුප සමග ගෙවීම තාවකාලිකව අත්හිටුවමින් නිකුත් කළ ලිපිය අවලංගු කර තිබෙනවා.
 
ජනවාරි මස වැටුප සමඟ දීමනාව ලබා නොදෙන වෛද්‍යවරුන්ට විශේෂ වවුචර මගින් ඩැට් දීමනාව ලබා දෙන ලෙස ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා උපදෙස් දී තිබෙනවා.
(colombotimes.lk)