25 April 2025


සිරි දළඳා වන්දනාව අද 08වන දිනටත්



ලෝකවාසී බෞද්ධ ජනතාව වෙනුවෙන් සිරි දළදා වන්දනාව අද (25) 8වන දිනටත් පැවැත්වෙනවා.

මෙම දළඳා වන්දනාව පෙරවරු 11.00ට ආරම්භ වන අතර පස්වරු 5.30 දක්වා පැවැත්වීමට නියමිතයි.

කෙසේ වෙතත් සිරි දළදා වන්දනාව වෙනුවෙන් මහනුවරට පැමිණීමෙන් වළකින ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා සඳහන් කළේ මේ වන විටත් ලක්ෂ 3කට අධික සැදැහැවතුන් පිරිසක් මහනුවරට පැමිණ ඇති බවයි.

අද දිනයේත් සිරි දළදා වන්දනාව සඳහා එම පිරිස ප්‍රමාණවත් බව ඔහු සැදැහැවතුන්ට දැනුම් දී තිබෙනවා.

සිරි දළදා වන්දනාව ලබන 27වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

(colombotimes.lk)