02 July 2025

logo

ශ්‍රී ලංකා A කණ්ඩායම පාකිස්ථානයට



සිව්දින හා එක්දින තරග සංචාරයක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් 'A' කණ්ඩායම ඊයේ (07) පස්වරුවේ පාකිස්ථානය බලා පිටත්ව ගොස් තිබෙනවා.
 
දෙරට අතර සිව්දින තරග 2ක් සහ එක්දින තරග 3ක් පැවැත්වීමට නියමිතයි.

ඉන් පළමුව සිව්දින තරගාවලිය පැවැත්වෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් එක්දින හා සිව්දින තරගාවලි සඳහා සංචිත දෙකක් නම් කරනු ලැබුවා.

ඉන් සිව්දින කණ්ඩායම මෙහෙයවනු ලබන්නේ පසිඳු සූරියබණ්ඩාර විසින්.

එක්දින කණ්ඩායම නුවනිඳු ප්‍රනාන්දු විසින් මෙහෙයවනු ලබනවා.

දෙරට අතර පළමු සිව්දින තරගය එළඹෙන 11වනදා ආරම්භවීමට නියමිතයි.






(colombotimes.lk)