colombotimes.lk
සිංහල | English

20 May 2024

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම දිවයිනට



2024 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබූ ශ්‍රී ලංකා කණ්ඩායම අද (09) අලුයම දිවයිනට පැමිණ තිබෙනවා.

මෙවර පන්දුවාර 20යි 20 කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය අබුඩාබිහිදී පැවැත්වුණා.

ශ්‍රී ලංකාව එහි මූලික වටයේ පැවැත්වූ තරග සියල්ල ජය ගනිමින් තරගාවලියේ අවසන් පූර්ව වටයටද සුදුසුකම් ලබා තිබෙනවා.

ඒ අනුව මාස දෙකකට ආසන්න කාලයක් ක්‍රිකට් තරග සංචාරයන් දෙකක් ජයග්‍රහණය කිරීමෙන් අනතුරුවයි ඔවුන් අද දිවයිනට පැමිණ තිබෙන්නේ.
(colombotimes.lk)