28 May 2026

logo

කාම්බෝජ - තායි දේශසීමා ගැටුම් ගැන ලංකාවේ කනස්සල්ල



කාම්බෝජ-තායිලන්ත දේශසීමාවේ මෑත කාලීන සිදුවීම් හේතුවෙන් ජීවිත හානි, සිවිල් වැසියන් අවතැන් වීම සහ සංස්කෘතික වශයෙන් වැදගත් ස්ථානවලට හානි සිදුවීම පිළිබඳව ශ්‍රී ලංකා රජය සිය කනස්සල්ල ප්‍රකාශ කර තිබෙනවා.

ඒ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින්.

එහි සඳහන් වන්නේ අවිහිංසාවාදය, කරුණාව සහ සාමකාමී සහජීවනය කේන්ද්‍ර කරගත් බුදු රජාණන් වහන්සේගේ අකාලික ඉගැන්වීම් මඟින් මග පෙන්වන ජාතියක් ලෙස ශ්‍රී ලංකාව, ගැටලු සාමකාමීව විසඳා ගැනීම සඳහා කඩිනමින් රාජ්‍යතාන්ත්‍රික සංවාදයක නිරත වන ලෙස දෙරටෙන්ම ඉල්ලා සිටින බවයි.

(colombotimes.lk)