ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කොදෙව් සංචාරය ආරම්භ කරමින් තරග 3කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගය අද පැවැත්වීමට නියමිතව තිබෙනවා.
Kingston ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගය මෙරට වේලාවෙන් පස්වරු 8.00ට ආරම්භ වීමට නියමිතයි.
මෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නව නායකයා ලෙස කුසල් මෙන්ඩිස් සහ උප නායකයා ලෙස කමිඳු මෙන්ඩිස් කණ්ඩායම මෙහෙයවනු ලබනවා.
එමෙන්ම කොදෙව් කණ්ඩායමේ නායකත්වය ශේ හෝප් හට හිමි වී තිබෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ මෙම තරග සංචාරයට එක්දින තරග 3ක්, ටෙස්ට් තරග දෙකක් සහ විස්සයි විස්ස තරග 2ක් ඇතුළත්.
ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර මෙතෙක් එක්දින තරග 68ක් පවත්වා තිබෙනවා.
එහිදී කොදෙව් කණ්ඩායම තරග 32ක් ජයග්‍රහණය කර ඇති අතර ශ්‍රී ලංකා කණ්ඩායම තරග 33ක් ජයග්‍රහණය කිරීමට සමත් වී තිබෙනවා.
(colombotimes.lk)
