07 February 2025


ශ්‍රී ලංකාවේ පළමුවරට AI භාවිතයෙන් නිර්මාණය කළ ක්‍රිකට් ගීතය මෙන්න



2024, T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමට සුබ පැතුම් එක් කරමින් 'සිංහ බලය' Colombo Times නිල ක්‍රිකට් තේමා ගීතය ඊයේ (26) එළිදැක්වූවා.

මෙය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සුබ පැතීම සඳහා AI තාක්ෂණය භාවිතා කරමින් සිංහල භාෂාවෙන් නිර්මාණය කළ ශ්‍රී ලංකාවේ පළමු ක්‍රිකට් ගීතයයි.

මෙහි පද රචනය Colombo Times අධ්‍යක්ෂක සජීව ද සිල්වා විසින් සිදුකළ අතර සංගීතය සහ කටහඬ නිර්මාණය AI තාක්ෂණය භාවිතා කර සිදුකර තිබෙනවා.

ලාංකීය ක්‍රිකට් ලෝලීන්ට අලුත්ම අත්දැකීමක් ගෙන දෙන මෙම AI ගීතය සමඟ එක්ව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සුබ පැතීමට අපි ඔබටද ආරාධනා කරනවා.

මේ තියෙන්නේ Colombo Times නිෂ්පාදනය කළ ශ්‍රී ලංකාවේ AI තාක්ෂණයෙන් නිර්මාණය කළ පළමු ක්‍රිකට් ගීතයයි.


(colombotimes.lk)