19 April 2025


ශ්‍රී ලංකාවට අලුත් IMF ලොක්කෙක්



ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නව ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානියා වශයෙන් එවන් පපාජියෝරිජියෝ (Evan Papageorgiou) පත්කර තිබෙනවා.

ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට දූත මණ්ඩල ප්‍රධානියා වශයෙන් මෙතෙක් කලක් කටයුතු කළ පීටර් බෘෘවර් (Peter Breuer) සිය ධූර කාලය අවසන් කරමින් ශ්‍රී ලංකාවෙන් නික්මයාමත් සමඟයි.

ශ්‍රී ලංකාව මෙතෙක් ඉතිහාසයේ මුහුණපාන ලද දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණ දුන් 2022 - 2023 වකවානුවේදී ශ්‍රී ලංකාව යළිත් වරක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනකට අනුගතවීමට පියවර ගත් අතර එම අවස්ථාවේ දී අරමුදලේ මෙරට දූත මණ්ඩල ප්‍රධානියා වශයෙන් පීටර් බෘෘවර් කටයුතු ආරම්භ කර තිබෙනවා.

(colombotimes.lk)