20 වැනි ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලයේදී (වයස අවුරුදු 20) ශ්‍රී ලංකාවට පදක්කම් දෙකක් හිමිව තිබෙනවා.
එහිදී මීටර 400 කාන්තා ධාවන ඉසව්වට එක්වූ තරුෂි කරුණාරත්න එම ඉසව්වේ රිදී පදක්කම හිමිකරගැනීමට සමත්වුණා.
ඒ, තත්ත්පර 53.70ක කාලයක් වාර්තා කරමින්.
එමෙන්ම මීටර 400 කාන්තා ධාවන ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගැනීමට සමත්වූයේ ජයේෂි උත්තරායි.
ඇය වාර්තා කළ කාලය තත්ත්පර 55.51ක්.
මෙම තරගාවලිය දකුණු කොරියාවේ යෙචියොන්හි පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)