සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව අද පැවැති තරගයෙන් අනතුරුව කුසල් මෙන්ඩිස් සතුව තිබූ විශිෂ්ට වාර්තා 2ක් තමන් සතු කර ගැනීමට පැතුම් නිස්සංක සමත්වුණා.
ඒ එම තරගයේදී ලකුණු 62ක් රැස් කිරීමත් සමඟයි.
මේ සමඟින් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වැඩිම T20 ලකුණු රැස් කළ ක්‍රීඩකයා ලෙස ඔහු වාර්තා අතරට එක්වුණා.
ඔහු ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් රැස් කර තිබෙන ලකුණු සංඛ්‍යාව 2636ක්.
ඒ අනුව ලකුණු 2607ක් රැස් කරගෙන සිටි කුසල් මෙන්ඩිස් මෙම ලැයිස්තුවේ දෙවන ස්ථානය දක්වා පසු බැස තිබෙනවා.
එමෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වැඩිම අවස්ථාවක්දී ලකුණු 50 පසු කළ ක්‍රීඩකයා බවටද පැතුම් නිස්සංක අද වාර්තා අතරට එක්වුණා.
ඒ අවස්ථා 20කදී ලකුණු 50 සීමාව පසු කළ කුසල් මෙන්ඩිස්ව අභිබවා යමින්.
පැතුම් නිස්සංක අවස්ථා 21කදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ලකුණු 50 පසු කර තිබෙනවා.
(colombotimes.lk)
