එකසත් ජනපදයේ පැතිර යන HMPV (Human metapneumovirus) ශ්වසන වෛරසය පිළිබඳව මෙරට සෞඛ්‍ය අංශ අදහස් පළකර තිබෙනවා.
ඒ අනුව මේ පිළිබඳව දැඩි අවධානයෙන් සහ සීරුවෙන් සිටින බවයි සෞඛ්‍ය අංශ සඳහන් කළේ.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය අන්වර් හම්දානි මහතා පැවසුවේ, විදේශ රටක පැතිර යන ඕනෑම නව රෝගයක් ශ්‍රී ලංකාවට තර්ජනයක් විය හැකි බවයි.
මේ වනවිට වෛරසය පැතිරීමේ භයානක තත්ත්වයක් පෙන්නුම් නොකරන නමුත් COVID-19 මෙන් අනෙක් රටවල් වලටද මෙය ව්‍යාප්ත වීමේ අවධානමක් පවතින බව සඳහන්.
(colombotimes.lk)