මියන්මාරයේ මයාවාඩිහි සයිබර් කඳවුරුවලින් මුදාගත් ලාංකිකයන් 15දෙනා දිවයිනට රැගෙනවිත් තිබෙනවා.
ඔවුන් මාස 02කට ආසන්න කාලයක් රැඳී සිටියේ මියන්මාරයේ තාවකාලික නවාතැන්පළකයි.
මියන්මාර - තායිලන්ත දේශ සීමාව හරහා ගමන් කිරීමට තායිලන්තයෙන් අවසර නොලැබීම හේතුවෙන් ඔවුන් මෙලෙස තාවකාලික නවාතැන්පළක රැඳී සිට තිබෙනවා.
විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ මියන්මාරයේ සහ තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපති විජයන්ති එදිරිසිංහගේ සම්බන්ධීකරණයෙන් එම කටයුතු සිදු කර තිබෙන බවයි වාර්තා වන්නේ.
එම පිරිස දිවයිනට රැගෙන ඒම සඳහා තායිලන්තයේ සංක්‍රමණය සඳහා වූ ජාත්‍යන්තර සංවිධානයේ ද සහය ලැබී තිබෙනවා.
(colombotimes.lk)