2026 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සිම්බාබ්වේ කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරගය මේ වන විට පැවැත්වෙනවා.
සුපිරි 8දෙනාගේ තරග වටයේ පළමු කාණ්ඩය යටතේ පැවැත්වෙන මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් කොදෙව් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් පමණක් දැවී ලකුණු 254ක් රැස් කළා.
මෙය වාර්තා වුණේ T20 ලෝක කුසලාන ඉතිහාසයේ කණ්ඩායමක් ලබාගත් දෙවන ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසයි.
t20 ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ මෙතෙක් ඉහළම ලකුණු වාර්තා කළ කණ්ඩායම ලෙස් වාර්තා අතරට එක්ව සිටින්නේ ශ්‍රී ලංකා කණ්ඩායමයි.
ඔවුන් කෙන්යා කකණ්ඩායමට එරෙහිව ලකුණු 260ක් රැස් කර තිබෙනවා.
