03 July 2025

logo

Starlink ලබන සතියේ ශ්‍රී ලංකාවේ මෙහෙයුම් අරඹයි



Starlink ලබන සතියේ ශ්‍රී ලංකාවේ මෙහෙයුම් ආරම්භ කිරීමට නියමිත බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසනවා.

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් (විශ්‍රාමික) එයාර් වයිස් මාෂල් බන්දුල හේරත් සඳහන් කළේ Starlink සේවා ලබා ගැනීම සඳහා ආරම්භක පරිශීලකයන් 12දෙනෙක් තෝරාගෙන ඇති බවයි.
 
එසේම උපකරණ කට්ටල 112ක් රට තුළට ආනයනය කර තිබෙනවා. 

ඔහු වැඩිදුරටත් කියා සිටියේ සේවා ගුණාත්මකභාවය සහ ජාතික ආරක්ෂක අනුකූලතාව සහතික කිරීම සඳහා TRCSL සහ ආරක්ෂක අමාත්‍යාංශය විසින් සතියක කාලයක් තුළ ක්‍රියාත්මක කිරීම නිරීක්ෂණය කරන බවත් එම කාලසීමාවෙන් පසු Starlink නිල වශයෙන් මෙහෙයුම් සිදුකරන බවයි.
 
ශ්‍රී ලංකාව සඳහා Residential පැකේජයේ මිල මසකට රු.15,000ක් වන අතර අවශ්‍ය උපකරණ සඳහා රු.118,000ක මුදලක් දැරීමට සිදු වන බවට වාර්තා වනවා.

එමෙන්ම මෙම පැකේජය සඳහා Unlimited Data පහසුකමද හිමි වන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)