අසනීප තත්ත්වයෙන් සිටියදී තමාට සුවය ප්‍රර්ථනා කළ සියලුදෙනාට සිය කෘතඥතාවය පළ කරන බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.
විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ අසනීප තත්ත්වය අනාවරණය වීමත් සමඟ සුවදුක් විමසමින් සහ ඉක්මන් සුවය ප්‍රර්ථනා කරමින් ලැබුණු දුරකථන ඇමතුම් සහ පණිවුඩ සංඛ්‍යාව අපමණ බවත් එම සැලකිල්ල සහ උනන්දුව තමන්ගේ ඉක්මන් සුවය ලැබීමට මහත් ධෛර්යයක් වූ බවයි.
(colombotimes.lk)
