මේ වසර තුළ මෙරට ජංගම සහ ස්ථාවර දුරකථන සේවාවල ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා ස්වාධීන නියාමන පද්ධතියක් ස්ථාපනය කිරීමට විදුලි සංදේශ හා නියාමන කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.
එහි අධ්‍යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් බන්දුල හේරත් සඳහන් කළේ මේ වන විට අදාළ මෙහෙයුම් ආයතන මඟින් ලබාගන්නා දත්ත මඟින් පමණක් දුරකථන සේවා නියාමනය සිදු වන බවයි.
එමෙන්ම දුරකථන සබඳතා සහ අන්තර්ජාල සබඳතා ආවරණ කලාප ඉහළ නැංවීම අදාළ නියාමනයෙහි ප්‍රමුඛ අරමුණක් වන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)
