නවීන උපකරණ සහ පහසුකම්වලින් සමන්විත අලිමංකඩ ලුණු කර්මාන්තශාලාව හෙට (29) ජනතා අයිතියට පත්කිරීමට නියමිතව තිබෙනවා.
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කළේ රජයේ සන්නාමයක් යටතේ ඉදිරියේදී මේස ලුණු වෙළෙඳපොළට නිකුත් කරන බවයි.
ඒ අනුව අලිමංකඩ ලුණු කර්මාන්තශාලාව මඟින් ඉතා සහනදායි මිලට මේස ලුණු 'රජ ලුණු' සන්නාමය යටතේ වෙළඳපොළට නිකුත් කිරීමට නියමිත බවද එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)