colombotimes.lk
සිංහල | English

19 April 2024

වසර 7,000ක් පැරණි අධිවේගී මාර්ගයක් සොයාගනී



පැරණි ජන සමාජය අද තරම් සංකීර්ණ නොවුණත්, සමහර පැරණි නිර්මාණ අදටත් අභිරහසක් වී තිබෙනවා.

එයට හේතුව අද පවතින නවීන තාක්ෂණයට පවා එම නිර්මාණය සිදුකළ අයුරු සොයාගත නොහැකි වීමයි.

ඒ වගේ සිදුකරන ලද තවත් අභිරහස් ඉදිකිරීමක් මේ වන විට සොයාගෙන තිබෙනවා.

The same research team also uncovered another underwater settlement on the opposite side of Korčula

එය මීට වසර දහස් ගණනකට පෙර ඉදිකර ඇති අතර මධ්‍යධරණී මුහුදේ පතුලෙන් මතුවී තිබෙනවා.

පුරාවිද්‍යාඥයින් විසින් 2021 දී ක්‍රොඒෂියානු දූපතක් වන Korčula වෙරළට ඔබ්බෙන් මෙය සොයාගෙන ඇති බව සඳහන්.

මෙම ස්ථානය වටා පිහිටි චන්ද්‍රිකා ඡායාරූප විශ්ලේෂණය කිරීමේදී අහම්බයෙන් මෙම ස්ථානය හමුවීම විශේෂත්වයක්.

Archaeologists made the surprising find after analysing satellite images of the water around the now submerged Neolithic site of Soline (pictured), which was discovered in 2021 off the coast of the Croatian island of Kor¿ula

ප්‍රථමයෙන් මෙය හඳුනාගෙන ඇත්තේ මිනිසුන් විසින් සාදන ලද යම් කිසි දෙයක් ලෙසයි.

නමුත් පසුව සිදුකළ සෝදිසි කිරීම් වලින් හෙළිවුණේ මෙය පැරණි මාර්ගයක් බවයි.

Experts believe the prehistoric road may once have linked Korčula and Soline when the latter was an artificial landmass that was home to the ancient Hvar culture

ඒ අනුව කළ කැණීම් වලදී අනාවරණය වී ඇත්තේ එය මුහුදේ අඩි 13-16ක් පමණ යටින් පිහිටා ඇති බවත්, අඩි 13ක් (මීටර් 4) පමණ පළලකින් යුක්ත වන බවත් සොයාගෙන තිබුණා.

මෙම මාර්ගය කෝර්චුල සහ සොලීන් විසින් භාවිතා කර ඇති අතර පැරණි හ්වාර් (Hvar-Lisičići) සංස්කෘතියට අනුව ගොඩනගා තිබෙනවා.

Korčula, part of the Adriatic archipelago, was originally joined to the mainland but when sea levels began to rise at the end of the last Ice Age in 12,000 BC, flooding more or less led to the current layout from about 8,000 years ago

මෙම මුහුදු ප්‍රදේශයේ ඇති විශේෂත්වය වන්නේ, අවට මුහුදු සමඟ සැසඳීමේදී ආරක්‍ෂිත සහ මුහුඳු රැළි අඩු ප්‍රදේශයක් වීමයි.

මේ හේතුව නිසා, මාර්ගය ඉදිකර ඇති ගල් සහ අනෙකුත් ද්‍රව්‍ය තවමත් සුරක්ෂිතව ඇති බව පරීක්ෂකයින් පෙන්වා දෙනවා.

එමෙන්ම Zadar විශ්ව විද්‍යාලය විසින් මීට වසර 7,000කට පෙර මෙම මාර්ගයේ මිනිසුන් ගමන්කර ඇති බවටද නිගමනය කර තිබුණා.

Soline was first identified when satellite pictures suggested something human-made might be lurking on the ocean floor around Korčula

තවද ඔවුන් මත පළකර ඇත්තේ, එම කාලයේ මෙය අධිවේගී මාර්ගයක් ලෙස භාවිතා කර ඇති බවයි.

නමුත් තවමත් මේ මාර්ගයේ විශාල කොටසක් මුහුඳු මඩ තට්ටුවකට යට වී තිබෙන බවද එහිදී දැකගන්න ලැබෙන බව පරීක්ෂකයින් සඳහන් කළා.

(Vimarshana Samarakoon @ COLOMBO TIMES)