13 June 2026

logo

හෝමූස් හරහා යන යාත්‍රාවලට එරෙහිව දැඩි පියවර



හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දමා ඇති බැවින් එම මාර්ගය හරහා සිදුවන ඕනෑම ගමනාගමනයකට දැඩි පියවර ගැනීමට සිදුවන බව ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය පවසනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ අද (27) උදෑසන හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමට උත්සහ කළ යාත්‍රා 03ක් ආපසු හරවා යවා ඇති බවයි.

බහාලුම් නැව් 03ක් අවසර ලත් යාත්‍රා සඳහා නම් කරන ලද කොරිඩෝව දෙසට යාමට උත්සාහ කර ඇති අතර නාවික හමුදාවේ අනතුරු ඇඟවීමකින් පසු ඒවා ආපසු හරවා යැවීමට කටයුතු කර තිබෙනවා. 

එමෙන්ම හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දමා ඇති අතර ඒ හරහා සිදුවන ඕනෑම ගමනාගමනයකට ස්ථිර ප්‍රතිචාර දක්වන බවද ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය සඳහන් කර තිබෙනවා.



(colombotimes.lk)