19 April 2025


කැලිෆෝනියා ප්‍රාන්තයට ඔබ්බෙන් වූ මුහුදේ ප්‍රබල භූකම්පනයක්



කැලිෆෝනියා ප්‍රාන්තයට ඔබ්බෙන් වූ මුහුදේ මැග්නිටියුඩ් ඒකක 7ක ප්‍රබල භූකම්පනයක් ඇතිවී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එය ගොඩබිම සිට කිලෝමීටර 68ක පමණ දුරකින් හටගෙන ඇති බවයි.

එහි ප්‍රබලත්වය හේතුවෙන් කැලිෆෝනියා සහ ඔරිගන් ප්‍රාන්තවලට සුනාමි අනතුරු ඇඟවීම්ද නිකුත් කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මේ වන විට එම අනතුරු ඇඟවීම ඉවත් කර ඇති බවයි.

පළමු කම්පනයෙන් පසු තවත් පසු කම්පන රැසක් වාර්තා වී ඇති අතර ප්‍රාන්ත පුරා නිවාස සහ ව්‍යාපාර ස්ථාන 10,000ක පමණ විදුලිය බිඳ වැටීම් සිදු වී තිබෙනවා.

පීඩාවට පත්වූ පුද්ගලයන්ට සහන සැපයීමේ අරමුණින් කැලිෆෝනියා ප්‍රාන්තයේ ආණ්ඩුකාර ගැවින් නිව්සම් ප්‍රාන්තයේ හදිසි තත්ත්වයක්ද ප්‍රකාශයට පත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

භූකම්පනයෙන් සිදුවූ හානිය මේ වන විට තක්සේරු කරමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

(colombotimes.lk)