31 May 2025


ISAC නිවේදන තරගාවලියට අයදුම්පත් ඉදිරිපත් කිරීමට තවමත් අවස්ථාව



ශ්‍රී ලංකාවේ පාසල් සිසුන් වෙනුවෙන් පවත්වන ප්‍රමුඛ පෙළේ නිවේදක තරගාවලිය වන ISAC 2025 ලබන ජුනි මස 1වනදා පැවැත්වෙනවා.

මෙය සමස්ත දිවයිනම ආවරණය වන පරිදි පාසල් රැසක් සහභාගී කරගනිමින් ISAC තරගාවලිය ක්‍රියාත්මක වන අතර 2010 වසරේ සිට මෙම තරගාවලිය ශ්‍රී ලංකා ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේයි.
 
මේ වන විටත් ISAC 2025 තරගයට අයදුම් කර නොමැති නම් ඒ සඳහා අයදුම් කිරීමේ හැකියාව පවතින බව කොළඹ ආනන්ද විද්‍යාලයීය ප්‍රවෘත්ති විකාශන ඒකකය සඳහන් කළා.

මේ පිළිබඳ සියලු විස්තර දැනගැනීමට පහත දුරකථන අංකය ඔස්සේ කොළඹ ආනන්ද විද්‍යාලයීය ප්‍රවෘත්ති විකාශන ඒකකයේ සභාපතිව සම්බන්ධ කර ගැනීමට ඔබට හැකියාව පවතිනවා.  

071 818 9436 - ජනිරු (කොළඹ ආනන්ද විද්‍යාලයීය ප්‍රවෘත්ති විකාශන ඒකකයේ සභාපති )


(colombotimes.lk)