01 May 2026

logo

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට



අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 33 මිලිග්‍රෑම් 210ක්, හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 17 මිලිග්‍රෑම් 570ක් සහ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැකකෙරෙන රුපියල් 135,500ක මුදලක් සමඟ සැකකරුවෙක් මාදපිටිය පොලිස් වසමේ රන්මුතු සෙවන ප්‍රදේශයේදී ඊයේ (30) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් සිදුකළ වැටලීමකදීයි.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 21ක් වන කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

(colombotimes.lk)