05 February 2025


කුෂ් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙක් කටුනායකදී කොටුවෙයි



කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 01 ග්‍රෑම් 40ක් සන්තකයේ තබාගෙන සිටි විදේශීය සැකකරුවෙක් ඊයේ (04) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ කටුනායක ගුවන්තොටුපළේදීයි.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 45ක් වන ඉන්දියානු ජාතිකයෙක්.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරන බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සඳහන් කළා.

(colombotimes.lk)