19 April 2025


සිරියාවේ තවත් නගරයක් කැරලිකරුවන් අතට



සිරියාවේ කැරලිකරුවන් විසින් එරට ඩාරා නගරයද යටත් කරගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ සිරියාවේ හමුදාව පසුබැසීමෙන් පසුව ඇලෙප්පෝ සහ හාමා යන නගරද මීට පෙරදී කැරලිකරුවන් විසින් යටත් කරගත් බවයි.

එමෙන්ම හමා, ඉඩ්ලිබ් සහ ඇලෙප්පෝ යන නගරවල කැරලිකරුවන්ගේ මූලස්ථාන ඉලක්ක කර රුසියාව විසින් එල්ල කර ගුවන් ප්‍රහාරවලින් කැරලිකරුවන් 200ක් පමණ මිය ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

(colombotimes.lk)