22 February 2026

logo

T20 WC - SL Vs ENG | වසර 12ක පරාජ වාර්තාව වෙනස් වෙයිද?



2025 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8දෙනාගේ තරග වටයේ දෙවන තරගය අද පැවැත්වෙනවා.

ඒ ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතරයි.

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගය පස්වරු 03ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

සුපිරි 8දෙනාගේ තරග වටය යටතේ මෙම තරගය පැවැත්වෙන්නේ දෙවන කාණ්ඩයට අදාළවයි.

මෙම තරග වටයේ පාකිස්ථාන කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර ඊයේ පැවැත්වීමට නියමිතව තිබූ තරගය අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් අතහැර දැමීමට සිදුවුණා.

T20 ලෝක කුසලාන ඉතිහාසය තුළ ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අවස්ථා 6කදී එකිනෙක මුණගැසී තිබෙනවා.

එහිදි තරග 5ක ජය එංගලන්තය තමන් සතු කරගනිද්දී ශ්‍රී ලංකා ජයග්‍රහණය කර තිබෙන්නේ එක් තරගයක් පමණයි.

එංගලන්ත කණ්ඩායමට එරෙහිව 2014 වසරෙන් පසු T20 තරගයක් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට නොහැකි වී තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගයට පිවිසෙන්නේ වසර 12කට පසු එංගලන්තයට එරෙහිව T20 තරග ජයක් වාර්තා කිරීමේ අරමුණින්.


(colombotimes.lk)