02 July 2025

logo

සිංහ - කොදෙව් T20 තරගාවලිය අදින් ඇරඹෙයි



සංචාරක කොදෙව් කණ්ඩායමට එරෙහි තරග 3කින් සමන්විත T20 තරගාවලිය ආරම්භ කරමින් එහි පළමු තරගය අද (13) පැවැත්වෙනවා.

ඒ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.

එම තරගය රාත්‍රී 7.00ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

මෙම තරගයට වර්ෂාවෙන් බාධා එල්ල විය හැකි බවයි වාර්තා වන්නේ.

අද පැවැත්වෙන තරගයේදී කොදෙව් කණ්ඩායමේ නායකයා ලෙස රොව්මන් පවෙල් කටයුතු කරනවා.

ශ්‍රී ල‍ංකා කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන්නේ චරිත් අසලංකයි.

මේ අතර වසර 2කට ආසන්න කාලයකට පසු භානුක රාජපක්ෂ T20 කණ්ඩායමට ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා.

(colombotimes.lk)