04 July 2025

logo

තායිවානයේ සිටින හොංකොං වැසියන් ගැන තීරණයක්



හොංකොං ක්‍රියාකාරීන්ට සහ දේශපාලන පිටුවහල් කරුවන්ට දිගු කාලීනව තායිවානයේ රැඳී සිටීම දුෂ්කර වී තිබෙනවා.

එයට හේතුව වන්නේ නේවාසික අවශ්‍යතා සඳහා වූ නීති දැඩි කිරීම බව සඳහන්.

චීන ඔත්තුකරුවන් සම්බන්ධයෙන් තායිවානයේ ඇති මතය හේතුවෙන් මෙසේ නීති දැඩි කර තිබෙනවා.

දැනට පවතින නීති වලට අනුව අනෙක් විදේශිකයින්ට සාපේක්ෂව හොංකොං වැසියන්ට ඉක්මනින් ස්ථිර පදිංචිය හිමිවනවා.

නමුත් නීති වෙනස් කිරීමෙන් අනතුරුව ස්ථිර පදිංචිය සඳහා සුදුසුකම් ලැබීමට හොංකොං වැසියන්ට වැඩි කාලයක් ගතවන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් තායිවාන රජයේ නිලධාරියෙකු සඳහන් කළේ, මෙම කාලය වසර 1 සිට 4 දක්වා ඉහළ නැංවීම පිළිබඳව අවදානය යොමුකර ඇති බවයි.
(colombotimes.lk)