සටන් විරාමයේ දෙවන අදියර ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර සාකච්ඡා ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර ක්‍රියාත්මක වූ සටන් විරාමයේ පළමු අදියර හෙට (01) අවසන්වීමට නියමිතයි.
දෙවන අදියර ක්‍රියාත්මක කිරිම සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර ඊජිප්තුවේ කයිරෝ අගනුවරදි සාකච්ජා ආරම්භ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
එමෙන්ම දෙපාර්ශවය අතර සටන් විරාමය පසුගිය සතියේදී බිඳ වැටීමට ආසන්න මට්ටමේ පැවතියද ඊශ්‍රායලය පලස්තීන සිරකරුවන් 46දෙනෙක් නිදහස් කිරිමත් සමඟ සටන් විරාමයෙන් ඉවත් නොවීමට හමාස් සංවිධානය එකඟතා පළ කර තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)