2024 සඳහා ශ්‍රී ලංකාවේ අයවැයෙන් දක්වා ඇති ඉලක්ක, ලබන වසරේ අඛණ්ඩව සිදු කිරීමට අපේක්ෂා කරන ආර්ථික ප්‍රකෘතිය සමඟ වුවද අභියෝගාත්මක වනු ඇති බව Fitch Ratings ආයතනය පවසනවා.
ප්‍රකාශයක් නිකුත් කරමින් ශ්‍රේණිගත කිරීමේ නියෝජිතායතනය පැවසුවේ, බැංකු ප්‍රාග්ධනීකරණ පිරිවැය හැරුණු විටත්, නව දත්ත අනුව 2024 දී දළ දේශීය නිෂ්පාදිතයෙන් 7.1%ක වත්මන් පුරෝකථනයට වඩා මූල්‍ය හිඟය පුළුල් වනු ඇති බවයි.
එමෙන්ම උපකල්පනයට වඩා ආදායම්වල දළ දේශීය නිෂ්පාදිතයේ අනුපාතය අඩු වනු ඇති බවත් Fitch Ratings ආයතනය සඳහන් කර තිබෙනවා.
(colombotimes.lk)