17 January 2025


විහාරස්ථානවලින් මුදල් සොරාගත් ගුරුවරයෙක් අත්අඩංගුවට



දිවයින පුරා පිහිටි විහාරස්ථානවලින් රුපියල් කෝටියකට අධික දේශීය හා විදේශීය මුදල් සොරාගැනීමට පුරුදුව සිටි උපාධිධාරී ගුරුවරයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ කොළඹ දකුණු අපරාධ විමර්ශණ කාර්යාංශය මඟින්.

අදාළ සැකකරු සන්තකයේ තිබී සොරාගත් කැනේඩියානු ඩොලර් 100ක් සහ ඇමරිකානු ඩොලර් 200ක් සොයාගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 47ක් වන පස්සර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

(colombotimes.lk)