ගුරු වෘත්තීය නායකයන් ප්‍රභාකරන්ටත් වඩා අන්තයි - අධ්‍යාපන ඇමති



ඇතැම් පුද්ගලයන් පාසල් වසා දමමින් වෘත්තීය අයිතිවාසිකම් ඉල්ලා සිටියද අවුරුදු ගණනාවක් යුද්ධ කළ ප්‍රභාකරන් කිසිඳු දිනෙක පාසලක් වසා දැමීමට ඉඩ නොදුන් බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

එමෙන්ම ප්‍රභාකරන් කිසිඳු විභාගයක් කඩාකප්පල් නොකළ බව අමාත්‍යවරයා අවධාරණය කළා.

නමුත් වෘත්තීය සමිති ඊට එහා ගොස් අනාගත පරපුර උකස් කර තම අයිතිවාසිකම් දිනා ගැනීමට උත්සාහ කරන බවයි ඔහු කියා සිටියේ.

වෘත්තීය අයිතිවාසිකම් දිනාගැනීම ගැටළුවක් නොමැති නමුත් අනාගත පරපුර උකසට තැබීමට ඉඩ දිය නොහැකි බව අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

(colombotimes.lk)