නේපාලයේදී අත්අඩංගුවට ගෙන දිවයිනට රැගෙන ආ ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි ඇතුළු 04දෙනෙක් සම්බන්ධයෙන් රැදවුම් නියෝග ලබා ගන්නා බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසනවා.
එම කොට්ඨාසය සඳහන් කළේ ඉෂාරා සෙව්වන්දි, ජේ.කේ බායි, සුරේෂ් සහ තක්ෂි නැමති සැකකරුවන් සම්බන්ධයෙන් රැදවුම් නියෝග ලබා ගැනීමට නියමිත බවයි.
එමෙන්ම ප්‍රබල සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙක් වන ගණේමුල්ල සංජිව ඝාතන සිද්ධිය ඇතුළු අපරාධ සම්බන්ධයෙන් ඉෂාර සෙව්වන්දි ඇතුළු සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමට ද කටයුතු කරන බව පොලීසිය සදහන් කළා.
(colombotimes.lk)