colombotimes.lk
සිංහල | English

02 May 2024

ශ්‍රීලනිපය ගැන මැතිවරණ කොමිෂන් සභාවේ මතය



ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ පවතින ගැටළු විසඳීමට තමන්ට නෛතික බලයක් නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව පෙන්වා දෙනවා.

ඒ අනුව ඊයේ (18) රැස් වූ මැතිවරණ කොමිෂන් සභාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ශව දෙකක් විසින් ඉදිරිපත් කර ඇති කරුණු පිළිබඳව අවධානය යොමු කර තිබෙනවා.

මේ වන විටත් නිදහස් පක්ෂයේ තනතුරු සම්බන්ධයෙන් අධිකරණය හමුවේ විභාග වන බැවින් පවතින ගැටළු පක්ෂයේ ක්‍රියාකාරීන් විසින් අධිකරණය හමුවේ විසඳාගත යුතු බවයි එම කොමිසම සඳහන් කරන්නේ.

මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළේ, ඉදිරියේදී මැතිවරණ ක්‍රියාවලිය යටතේ පමණක් මේ සම්බන්ධව තීරණයක් ගන්නා බවයි.
(colombotimes.lk)