පළාත් පාලන ආයතන අධීක්ෂණය සඳහා ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සභාපතිවරයාගේ විශේෂ නියෝජිතයකු පත් කිරීමේ තීරණයට, එකඟ නොවන බව මැතිවරණ කොමිසම පවසනවා.
මැතිවරණ කොමිසම සඳහන් කළේ, සංවර්ධන කමිටුවේ සභාපතිවරයා දේශපාලන පක්ෂයක නියෝජිතයකු බැවින් ඔහුගේ නියෝජිතයකු පත් කිරීම හරහා පළාත් පාලන ආයතනවල කටයුතු යම් දේශපාලනීකරණයකට ලක්වන බවයි.
ඒ හේතුවෙන් සෙසු දේශපාලන පක්ෂවලින් ඉදිරිපත් වන අපේක්ෂකයින්ට ද අසාධාරණයක් සිදු වන බව කොමිසම සඳහන් කළා.
එම කොමිසම වැඩි දුරටත් කියා සිටියේ, මේ සම්බන්ධව ඉදිරි දින කිහිපයේදී ලිඛිතව පළාත් පාලන අමාත්‍යංශයට දැනුම් දෙන බවයි.
පළාත් පාලන ආයතන සම්බන්කධීරණය සහ අවශ්‍ය තොරතුරු, අදාළ පළාත් පාලන ආයතනයේ නාගරික කොමසාරිස්වරයාගෙන් හෝ ප්‍රාදේශීය ලේකම්වරයා මගින් සිදු කළ හැකි බව ද කොමිසම පෙන්වා දෙනවා.
(colombotimes.lk)