22 May 2026

logo

කොළඹ කොටුවේ සිට ගාලු කොටුවට ගිය TVS Ronin Ride එක



TVS මෝටර් සමාගම විසින් ශ්‍රී ලංකාවට අලුතින් හඳුන්වාදුන් TVS RONIN යතුරුපැදිය එළිදැක්වීමේ උත්සවයට සමගාමීව අති දැවැන්ත බයික් රැළියක් පසුගියදා පැවැත්වුණා. 

ඒ කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට A2 කොළඹ - ගාල්ල ප්‍රධාන මාර්ගය ඔස්සේ ගාලු කොටුව දක්වායි. 

එම බයික් රැළිය සඳහා දේශීය හා විදේශීය සමාජ මාධ්‍ය නිර්මාණකරුවන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වුණා. 

කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කළ මෙම බයික් රැළිය කළුතර බෝධිය, බෙන්තර පාලම, කොස්ගොඩ කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානය, හික්කඩුව යන කොළඹ - ගාල්ල (A02) ප්‍රධාන මාර්ගයේ හමුවන සංචාරක ආකර්ෂණයක් ඇති ස්ථාන ද පසු කරමින් ගාලු කොටුවට ළඟා වුණා. 

මෙම රැළියට සහභාගී වූ ධාවකයන් Colombo Times වෙත අදහස් දක්වමින් කියා සිටියේ ඔවුන්ට මෙමඟින් නව අත්දැකීමක් ලබාගැනීමට ද හැකි වූ බවයි.

TVS RONIN මෝටර් බයිසිකල් රැළියේ විශේෂ අවස්ථා කිහිපයක් පහතින්,









 



(colombotimes.lk)