පසුගිය සිකුරාදා රාත්‍රියේ ඉන්දියාවේ ඔඩිෂා ප්‍රදේශයේ සිදුවූ දුම්රිය අනතුරින් මියගිය සංඛ්‍යාව 288ක් දක්වා ඉහළගොස් තිබෙනවා.
මේ හේතුවෙන් තුවාල ලැබූ සංඛ්‍යාව 1,000ඉක්මවන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
එම මාධ්‍ය වාර්තා වල වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ, දුම්රිය ධාවනය සඳහා සංඥා නිකුත් කෙරෙන විද්‍යුත් අගුළු දැමීමේ පද්ධතියේ සිදුවූ දෝෂයක් හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.
එරට දුම්රිය ආරක්ෂක කොමසාරිස්වරයා විසින් අනතුර සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණ වාර්තාව තමා හට ලැබුණු බව ඉන්දීය දුම්රිය ඇමති අශ්වින් වෙයිශ්නව් මහතා කියා සිටියා.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, අනතුර සම්බන්ධයෙන් වගකිවයුතු පාර්ශ්ව මේ වනවිට හඳුනාගෙන ඇති බවයි.
(colombotimes.lk)