11 May 2025


කුකුළු මස් සහ බිත්තර මිල අඩු කිරීමට ගත් තීරණය



කුකුළු මස් සහ බිත්තර අඩු මිලකට ජනතාවට ලබාදීම සඳහා ඉදිරියේදී නීතිරීති පැනවීමට පියවර ගන්නා බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. 

මාළු මිල ඉහළයාම හේතුවෙන් කුකුළු මස් ව්‍යාපාරිකයින් අනිසි ලාභයක් ලැබීම සඳහා මිල ඉහළ දමා ඇති බවට නිරීක්ෂණය වන බවයි ඒ මහතා ප්‍රකාශ කළේ. 
 
කුකුළු මස් හා බිත්තර කර්මාන්තකරුවන් සමග ඊයේ (09) පැවති සාකච්ඡාවකින් අනතුරුව අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
(colombotimes.lk)