14 May 2025


මත්ද්‍රව්‍ය උවදුර පාලනයට විශේෂ කාරක සභාවක්



ශ්‍රී ලංකාව තුළ පවතින මත්ද්‍රව්‍ය උවදුර පාලනය කර මුලින්උපුටා දැමීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීම කෙරෙහි අවදානය යොමුව තිබෙනවා. 

 
ඒ සඳහා අවශ්‍ය නිරීක්ෂණ හා නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත්කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. 
 
පසුගියදා රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මෙම තීරණය ගෙන තිබෙනවා. 
 
ඒ අනුව, අදාළ යෝජනාව එළඹෙන 08 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව වැඩිදුරටත් සඳහන්.
(colombotimes.lk)